වෛද්‍ය නිලධාරීන් 07 ක් නාවික හා සාගරික විද්‍යාපීඨයේදී විසිර යයි
ශ්‍රී ලංකා නිත්‍ය නාවික හමුදාවේ වෛද්‍ය අංශයට අයත් වෛද්‍ය නිලධාරීන් හත් දෙනෙකු (07) විසිර යාම, 2023 සැප්තැම්බර් මස 30 වන දින ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ ප්‍රධාන සරඹ පිටියේදී නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති කොමදෝරු බුද්ධික ලියනගමගේ ගේ ප්‍රධානත්වයෙන් අභිමානවත් අයුරින් සිදුකෙරිණි.
ඒ අනුව, කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ 33 වන බඳවා ගැනීමට අයත් එම විශ්ව විද්‍යාලයේදී වෛද්‍ය උපාධිය සම්පූර්ණ කළ වෛද්‍ය අංශයේ එක් (01) උප ලුතිනන්වරයෙක් හා වැඩ බලන උප ලුතිනන්වරුන් දෙදෙනෙක් (02), විශ්ව විද්‍යාල ප්‍රවේශය යටතේ (UGCE) නාවික හමුදාවට බැඳී වෛද්‍ය උපාධිය සම්පූර්ණ කල වැඩබලන උප ලුතිනන්වරුන් තිදෙනෙකු (03) සහ ඉඳුරාම බඳවාගත් එක් (01) උප ලුතිනන්වරයෙක් වශයෙන්, කාන්තා වෛද්‍ය නිලධාරීන් තිදෙනෙකු (03) ඇතුළුව වෛද්‍ය නිලධාරීන් හත් දෙනෙකු (07) 2023 සැප්තැම්බර් මස 30 වන දින මෙලෙස ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ ප්‍රධාන සරඹ පිටියේදී අභිමානවත් අයුරින් විසිර යාම සිදුකෙරිණි.
තවද, මෙම අධිකාරියට පත්කිරීමේ අවස්ථාව නාවික හමුදා තූර්ය වාදක කණ්ඩායම විසින් ඉදිරිපත් කළ විචිත්‍රවත් අංගයන් ගෙන් වර්ණවත් වූ අතර, එම අවස්ථාව සඳහා නාවික හා සාගරික විද්‍යාපීඨයේ පුහුණු කාර්යය මණ්ඩලය සහ නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරින් මෙන්ම, විසිර යන ලද වෛද්‍ය නිලධාරීන්ගේ පවුල් වල සාමාජිකයන් පිරිසක් ද සහභාගිවී සිටියහ.