ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ වාර්ෂික පුහුණු කඳවුර ආරම්භ වෙයි

ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ වාර්ෂික පුහුණු කඳවුරේ සාමාරම්භක අවස්ථාව බටහිර නාවික විධානයේ හා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති රියර් අද්මිරාල් සමන් පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් වැලිසර ස්වේච්ඡා නාවික හමුදා මූලස්ථානයේදී 2023 සැප්තැම්බර් මස 04 වන දින සිදුකෙරිණි.

ස්වේච්ඡා නාවික හමුදාවට අයත් නිලධාරීන් සහ නාවිකයන්ගේ වෘත්තීමය හැකියාවන් සහ දැනුම වර්ධනය කිරීම ‍උදෙසා වාර්ෂිකව පැවැත්වෙන මෙම පුහුණු කඳවුර සඳහා මෙවර (2023) නිලධාරීන් 42 ක් සහ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයන් 443 ක් ඇතුළුව නාවික පුද්ගලයන් 485 දෙනෙකු සහභාගී වේ.

එමෙන්ම, 2023 සැප්තැම්බර් මස 04 වන දින ආරම්භ වූ මෙම වාර්ෂික පුහුණු කඳවුර 2023 සැප්තැම්බර් මස 21 වන දින දක්වා පැවැත්වෙන අතර, එදින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් සිදුකරනු ලබන ස්වේච්ඡා නාවික හමුදාවේ අංශ පිරික්ෂුම සහ අනතුරුව පැවැත්වෙන ආචාර පෙළපාලියෙන් පසු වාර්ෂික පුහුණු කඳවුර නිමාවට පත්වීමට නියමිතව ඇත.

තවද, මෙම අවස්ථාව සඳහා ස්වේච්ඡා නාවික හමුදාවේ අණදෙන නිලධාරි කොමදෝරු නිමල් වසන්ත ඇතුළු ස්වේච්ඡා නාවික හමුදා මුලස්ථානයේ සහ ශ්‍රී ලංකා නාවික නෞකා ලංකා ආයතනයට අයත් ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් පුහුණුවන නිලධාරීන් සහ පුහුණුවන ජ්‍යේෂ්ඨ සහ කණිෂ්ඨ නාවිකයන් සහභාගී වී සිටියහ.