නැගෙනහිර නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා වැඩ භාර ගනී

රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා නැගෙනහිර නාවික විධානයේ අභිනව ආඥාපති වශයෙන් 2023 සැප්තැම්බර් මස 03 වන දින එම විධාන මූලස්ථානයේදී වැඩ භාර ගන්නා ලදී.

නාවික හමුදා සම්ප්‍රදායානුකූලව නැගෙනහිර නාවික විධානය වෙත රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා පිළිගැනීමෙන් අනතුරුව, එම නාවික විධානයේ ආඥාපති වශයෙන් කටයුතු කළ රියර් අද්මිරාල් ධම්මික කුමාර විසින් විධාන මූලස්ථානයේදී, ආඥාපති ධූරයෙහි රාජකාරීන් නව ආඥාපති වෙත භාර දීම සිදු කෙරිණි.

නැගෙනහිර නාවික විධානයේ ආඥාපති ධූරයෙහි රාජකාරීන් භාර ගැනීමෙන් අනතුරුව, රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා විසින් නැගෙනහිර නාවික විධානයේ දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ අණදෙන නිලධාරීන් ඇමතීමට කටයුතු කරනු ලැබූ අතර, නැගෙනහිර නාවික විධානයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් විසින් හිටපු ආඥාපති රියර් අද්මිරාල් ධම්මික කුමාර වෙත සුබපැතීමෙන් අනතුරුව, නැගෙනහිර නාවික විධානය වෙතින් සමුදීම සිදු කෙරිණි.