දකුණු නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ වැඩ භාර ගනී

රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ දකුණු නාවික විධානයේ අභිනව ආඥාපති වශයෙන් අද දින (2023 සැප්තැම්බර් 01) එම විධාන මූලස්ථානයේදී වැඩ භාර ගැනීමට කටයුතු කෙරිණි.

නාවික හමුදා සම්ප්‍රදායානුකූලව දකුණු නාවික විධානය වෙත රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ පිළිගැනීමෙන් අනතුරුව, එම නාවික විධානයේ ආඥාපති වශයෙන් කටයුතු කළ රියර් අද්මිරාල් සමන් පෙරේරා විසින් විධාන මූලස්ථානයේදී ආඥාපති ධූරයෙහි රාජකාරීන් නව ආඥාපති වෙත භාර දීම සිදු කෙරිණි.

තවද, දකුණු නාවික විධාන‍යේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් විසින් සුබපැතීමෙන් අනතුරුව, රියර් අද්මිරාල් සමන් පෙරේරා වෙත නාවික සම්ප්‍රදායානුකූලව දකුණු නාවික විධානය වෙතින් සමුදීම සිදු කෙරිණි.