ඉන්දු ශාන්තිකර පරිසර ආරක්ෂක සංසදය - 2023 සාර්ථකව නිමාවට පත්වෙයි
ඇමෙරිකා එක්සත් ජනපද ඉන්දු ශාන්තිකර විධානය (US Indo – Pacific Command - INDOPACOM), ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරනු ලද 12 වන ඉන්දු ශාන්තිකර පරිසර ආරක්ෂක සංසදය - 2023 කොළඹ ශැන්ග්‍රිලා හෝටලය කේන්ද්‍ර කර ගනිමින් 2023 අගෝස්තු මස 14 වන දින සිට දින 04 ක් පුරා පැවැත්වුනු අතර, ඉන්දු ශාන්තිකර කළාපීය පාර්ශවකරුවන් විසින් කලාපීය පරිසර ආරක්ෂාව සම්බන්ධයෙන් සිදුකරනු ලබන කාර්යභාරය පිළිබඳ උගත් පාඩම් සහ යහපත් භාවිතයන් පිළිබඳව සිදුකල ඉදිරිපත් කිරීම්, සැසි, සිද්ධි අධ්‍යයන සහ කණ්ඩායම් ක්‍රියාකාරකම් මඟින් සාර්ථකව දැනුම හා අත්දැකීම් හුවමාරු කර ගැනීමෙන් අනතුරුව, 2023 අගෝස්තු මස 17 වන දින ඉන්දු ශාන්තිකර පරිසර ආරක්ෂක සංසදය - 2023 නිමාවට පත්විය.
මෙම සංසදය ආරම්භ වූ 2023 අගෝස්තු මස 14 වන දින දේශගුණික විපර්යාස සහ ආරක්ෂාව (Climate Change and Security) යන තේමාව යටතේත්, සංසදයේ දෙවන දිනය වූ 2023 අගෝස්තු මස 15 වන දින සමුද්‍ර, සාගර සහ ජල ආරක්ෂාව (Maritime, Ocean and Water Security) යටතේත්, එහි තෙවන දිනය වූ 2023 අගෝස්තු මස 16 වන දින නාගරීකරණයේ බලපෑම සහ ඉඩම් ආරක්ෂාව ( Impacts of Urbanization and Land Security) යටතේත් සහ එහි ප්‍රායෝගික ක්‍රියාකාරකම් යටතේ, කොළඹ වරාය නගරය ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ කෘතිමව නිර්මාණය කරන ලද පරයන් මත කොරල් වගාවක් සිදු කිරීම සහ මීගමුව කළපුව ආශ්‍රිතව විද්‍යාත්මක ක්‍රමවේදයන්ට අනුකූලව කඩොලාන වගාවක් සිදු කිරීම පිළිබඳ ප්‍රායෝගක වැඩමුළුවන් සඳහා පාර්ශ්වකරුවන් සහභාගී වී දැනුම හා අත්දැකීම් හුවමාරු කර ගැනීම සිදු කෙරිණි.
ඒ අනුව, 12 වන ඉන්දු ශාන්තිකර පරිසර ආරක්ෂක සංසදය - 2023 හි අවසන් දිනය වූ 2023 අගෝස්තු මස 17 වන දින කාලගුණික විපර්යාස සඳහා ශක්තිමත්ව මුහුණදීමේ හැකියාව ජාතික හා කලාපීය වශයෙන් ගොඩනැගීම (Building National and Regional Resilience) යන තේමාව යටතේ ඉදිරිපත් කිරීම් සහ කණ්ඩායම් ක්‍රියාකාරකම් සිදු කෙරිණි. එහිදී නවසීලන්ත ආරක්ෂක බලකායේ වින්ග් කොමාණ්ඩර් ට්‍රෙව් හැමන්ඩ් (Wing Commander Trev Hammond) විසින් තිරසාරත්වය, පාරිසරික අවදානම සහ ඔරොත්තු දීමේ සැලසුම් (Sustainability, Environmental Risk and Resilience Planning for the NZDF) සම්බන්ධයෙන්ද, සිංගප්පූරු ආරක්ෂක අමාත්‍යංශයේ Lieutenant Colonel Timothy Koh විසින් දේශගුණික අනුවර්තනය සඳහා සහ ජාතික තිරසාර ප්‍රයත්නයන් වෙනුවෙන් සිංගප්පූරු සන්නද්ධ හමුදාවන්ගේ දායකත්වය (The Singapore Armed Forces contributions to the national sustainability efforts and climate adaptation) සම්බන්ධයෙන් ඉදිරිපත් කිරීම් සිදු කෙරුණු අතර, පාර්ශ්වයන් විසින් එම ක්ෂේත්‍රයන්ට අදාලව දැනුම හුවමාරු කර ගැනීම සිදු කෙරිණි.
එමෙන්ම, ඉන්දු ශාන්තිකර පරිසර ආරක්ෂක සංසදය - 2023 හි අවසන් දින ඇමෙරිකා එක්සත් ජනපද ඉන්දු ශාන්තිකර විධානයේ බ්‍රිගේඩියර් ජෙනරාල් ගැවින් ගාඩ්නර් සහ ශ්‍රී ලංකා පරිසර අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආචාර්ය සුනිමල් විජේතුංග විසින් සිදු කෙරුණු සමාප්ති දේශනයන්ගෙන් අනතුරුව, ඉන්දු ශාන්තිකර පරිසර ආරක්ෂක සංසදය - 2023 සාර්ථකව නිමාවට පත් විය.
තවද, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් හා මඟපෙන්වීම මත ඉන්දු ශාන්තිකර පරිසර ආරක්ෂක සංසදයේ 12 වන වෙළුම ඉතා උසස් අන්දමින් ශ්‍රී ලංකා නාවික හමුදාව හා ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ඇමෙරිකා එක්සත් ජනපද ඉන්දු ශාන්තිකර විධානය හා එක්ව සාර්ථකව සංවිධානය කිරීමට කටයුතු කෙරුණු අතර, මෙවැනි සංසද සංවිධානය කිරීමෙන් සහ ඒ සඳහා සහභාගී වීමෙන් ඉන්දු ශාන්තිකර කලාපයේ පරිසර ආරක්ෂාව සම්බන්ධයෙන් ලද උගත් පාඩම් සහ හුවමාරු කර ගත් නව දැනුම හා අත්දැකීම් තුළින්, ඉදිරියේදී ශ්‍රී ලංකා නාවික හමුදාව ඇතුළු අනෙකුත් පාර්ශවකරුවන් හට කලාපීය කාලගුණික විපර්යාසයන් හමුවේ නොසැලී ඒ සඳහා ශක්තිමත්ව මුහුණ දෙමින් පරිසර ආරක්ෂාව සම්බන්ධයෙන් වඩාත් ඵලදායී මෙහෙවරක අඛණ්ඩව නියැලීමට හැකියාව ලැබෙනු ඇත.