ශ්‍රී ලංකා නාවික හමුදාවේ දායකත්වයෙන් සංවර්ධනය කළ කයිට්ස් චෙට්ටිපුලම් ප්‍රාථමික විද්‍යාලයේ පහසුකම් සිසු අයිතියට පත් කෙරේ
ශ්‍රී ලංකා නාවික හමුදාවේ තාක්ෂණික හා ශිල්පීය දායකත්වයෙන් සහ කොළඹ රාජකීය විද්‍යාලයීය ඇමෙරිකා එක්සත් ජනපද නැගෙනහිර වෙරළ ආදී ශිෂ්‍ය පදනමේ හා ඇමෙරිකා එක්සත් ජනපදයේ වෛද්‍ය ජේඅයිටී රාජයියා (Dr. JIT Rajiyah) මහතාගේ මූල්‍ය අනුග්‍රහය යටතේ යාපනය, කයිට්ස් දූපතේ චෙට්ටිපුලම් දමිළ ප්‍රාථමික විද්‍යාලයේ අළුත්වැඩියා කරන ලද පන්ති කාමර ගොඩනැගිල්ල සහ සංවර්ධනය කරන ලද අනෙකුත් පහසුකම් සිසු අයිතියට පත් කිරීම 2023 අගෝස්තු මස 14 වන දින උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් අරුණ තෙන්නකෝන් ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් හා මඟපෙන්වීම මත, නාවික හමුදා සමාජ සත්කාරක ව්‍යාපෘතිය යටතේ, නාවික හමුදාවේ තාක්ෂණික හා ශිල්පීය දායකත්වයෙන් සහ කොළඹ රාජකීය විද්‍යාලයීය ඇමෙරිකා එක්සත් ජනපද නැගෙනහිර වෙරළ ආදී ශිෂ්‍ය පදනමේ (The Royal College Old Boy’s East Coast Foundation in USA) හා ඇමෙරිකා එක්සත් ජනපදයේ වෛද්‍ය ජේඅයිටී රාජයියා (Dr. JIT Rajiyah) මහතාගේ මූල්‍ය අනුග්‍රහය යටතේ කයිට්ස්, චෙට්ටිපුලම් දමිළ ප්‍රාථමික විද්‍යාලයේ පන්ති කාමර ගොඩනැගිල්ලක් අළුත්වැඩියා කිරීමේ කටයුතු උතුරු නාවික විධානයේ ආඥාපති ගේ අධීක්ෂණයෙන් 2023 වර්ෂයේ ජුලි මස 10 වන දින ආරම්භ කෙරිණි. ඒ අනුව, නාවික හමුදා තාක්ෂණික හා ශිල්පීය දායකත්වයෙන් කඩිනමින් අළුත්වැඩියා සහ නවීකරණය කරන ලද විද්‍යාලයේ පන්ති කාමර ගොඩනැගිල්ලක් සහ අනෙකුත් සංවර්ධනය කරන ලද පහසුකම් සිසු අයිතියට පත් කිරීම, මෙලෙස උතුරු නාවික විධානයේ ආඥාපති ගේ ප්‍රධානත්වයෙන් 2023 අගෝස්තු මස 14 වන දින සිදු කෙරිණි.
මෙහිදී අදහස් දැක්වූ කයිට්ස් චෙට්ටිපුලම් දමිළ ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිනි, පුෂ්පනේසා විශ්වනාදන් මහත්මිය, විද්‍යාලයේ පන්ති කාමර ගොඩනැගිල්ලක් අළුත්වැඩියා කර දරුවන්ගේ අනාගත අධ්‍යාපන කටයුතු සඳහා වඩා හිතකර පරිසරයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නාවික හමුදාව සිදු කළ දායකත්වය ඇගයීමටත්, විද්‍යාලයේ සිසු දරුවන්, දෙමාපියන් සහ ගුරු මණ්ඩලය වෙනුවෙන් නාවික හමුදාධිපති ඇතුළු සමස්ථ නාවික හමුදාව වෙත ප්‍රශංසාව පළ කිරීමටත් කටයුතු කෙරිණි.
එමෙන්ම, මෙම අවස්ථාවට සමගාමීව විද්‍යාලයීය සිසු දරුවන් වෙනුවෙන් පරිත්‍යාග කරන ලද පාසල් පොත් හා උපකරණ විද්‍යාලයීය දරුවන් වෙත පිරිනැමීම ද උතුරු නාවික විධානයේ ආඥාපති ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණු අතර, නාවික හමුදාවේ දායකත්වයෙන් විද්‍යාලයීය දරුවන් වෙනුවෙන් ප්‍රණීත දිවා ආහාර වේලක් පිරිනැමීම ද එහිදී සිදු කෙරිණි.
තවද, මෙම අවස්ථාව සඳහා නාවික අණභාර නිලධාරි (දූපත්) කොමදෝරු සිසිර දිසානායක,ශ්‍රී ලංකා නාවික නෞකා කංචදේව ආයතනයේ අණදෙන නිලධාරි කපිතාන් රෝලන්ඩ් රන්තැන්න ඇතුළු උතුරු නාවික විධානයේ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන්, කයිට්ස් චෙට්ටිපුලම් දමිළ ප්‍රාථමික විද්‍යාලයේ ගුරු භවතුන්, සිසු දරුවන් සහ දෙමව්පියන් පිරිසක් සහභාගී වී සිටියහ.