මන්නාරම දිස්ත්‍රික් මහ රෝහල සඳහා නාවික හමුදාවෙන් ලේ දන්දීමේ වැඩසටහනක්

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමාජ සත්කාර වැඩසටහන් යටතේ මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අවශ්‍යතාවය මත සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහනක් 2023 අ‍ගෝස්තු මස 12 වන දින උතුරු මැද නාවික විධානයේ තලෙයිමන්නාරම, ශ්‍රී ලංකා නාවික නෞකා තම්මැන්නා ආයතනයේදී පැවැත්වීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ රුධිර පාරවිලයන මධ්‍යස්ථානය විසින් සිදුකරන ලද ඉල්ලීමකට අනුව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් හා මඟ පෙන්වීම මත උතුරු මැද නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් කාංචන බානගොඩ ගේ අධීක්‍ෂණය යටතේ පැවති මෙම ලේ දන්දීමේ වැඩසටහන සඳහා උතුරු මැද නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා තම්මැන්නා, ගජබා සහ ඵුස්සදේව යන ආයතනයන්හි නාවික පුද්ගලයන් විසින් ස්වේච්ඡාවෙන් තම දායකත්වය දැක්වීමට කටයුතු කෙරිණි.

තවද, මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ සහ උතුරු මැද නාවික විධාන රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලයන් මෙම උතුම් සමාජ සත්කාර්යය සාර්ථක කර ගැනීම සඳහා සහය විය.