ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිනව ජල මානක ප්‍රධානී ලෙස කොමදෝරු කෝසල වර්ණකුලසූරිය වැඩ භාර ගනී

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ජල මානක ප්‍රධානී ලෙස පත් වූ කොමදෝරු කෝසල වර්ණකුලසූරිය, ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිතායතනයේදී (NARA) අද දින (2023 ‍ අගෝස්තු 10) වැඩ භාර ගන්නා ලදී.

නාවික හමුදා ජල මානක සේවාව මඟින් ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව සහ අනෙකුත් ආරක්‍ෂක සංවිධානයන්ගේ මෙහෙයුම් කටයතු සඳහා අවශ්‍ය ජල මානක දත්ත ලබා දීම හා මුහුදු සිතියම් නිර්මාණය කිරීම, ශ්‍රී ලංකාවට අයත් සාගර කළාපය ඔස්සේ යාත්‍රා කරනු ලබන නෞකා සහ එම සාගර කළාපයේ අනෙකුත් සමුද්‍රීය ක්‍රියාකාරකම් ආරක්‍ෂිතව සිදු කිරීම සඳහා මුහුදේ සමීක්‍ෂණ කටයුතු සිදුකර සිතියම් ගත කිරීම මෙන්ම, ජාතික අවශ්‍යතාවය අනුව රජයේ ආයතන, සංවිධාන හා අනෙකුත් පාර්ශවකරුවන් වෙත අවශ්‍ය සහය ලබාදීම සිදු කරනු ලබයි.

ඒ අනුව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ නාවික සහයක ලෙස කටයුතු කරන අතරතුර, නාවික හමුදා ජල මානක ප්‍රධානී ලෙස පත් වූ කොමදෝරු කෝසල වර්ණකුලසූරිය ගේ මෙහෙයවීම යටතේ ඉදිරියේදී නාවික හමුදා ජල මානක සේවාවේ කටයුතු සිදු කෙරෙනු ඇත.