මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධ එක්සත් ජාතීන්ගේ කාර්යාලය මඟින් කාන්තා නිලධාරීන් වෙනුවෙන් වූ විශේෂ වෙරළබඩ මුර යාත්‍රා හැසිරවීමේ පාඨමාලාවක් ආරම්භ කරයි
එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධ කාර්යාලයේ ගෝලීය සමුද්‍රීය අපරාධ වැඩසටහන (UNODC–GMCP) යටතේ පවත්වනු ලබන සමුද්‍රීය ක්ෂේත්රයේ නීතිය බලාත්මක කිරීමේ ආයතනයන්ට අනුයුක්ත කාන්තා නිලධාරීන් වෙනුවෙන් වූ විශේෂ වෙරළබඩ මුර යාත්‍රා හැසිරවීම පිළිබඳ පාඨමාලාවක් ත්‍රීකුණාමලය, නාවික හා සාගරික විද්‍යා පීඨයේදී 2023 ජුලි මස 24 වන දින ආරම්භ කෙරිණි.
මුහුදු මාර්ගයෙන් සිදුකෙරෙන නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා වෙරළබඩ හා වරාය ආරක්ෂක රාජකාරීන් සඳහා කාන්තා නාවික පුද්ගලයන් සහ නීතිය බලාත්මක කිරීමේ ආයතනයන්ට කාන්තා නිලධාරීන් අනුයුක්ත කිරීමේ අරමුණින්, මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ගෝලීය සමුද්‍රීය අපරාධ වැඩසටහන යටතේ මෙම පාඨමාලාව පවත්වනු ලබයි.
ඒ අනුව, සති හතරක (04) කාලසීමාවක් පැවැත්වීමට නියමිත මෙම පාඨමාලාවේ න්‍යායික හා ප්‍රායෝගික පුහුණුව නාවික හා සාගරික විද්‍යා පීඨයේදී සහ ත්‍රිකුණාමලය නාවික හමුදා වරාය ආරක්ෂක ඒකකයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.
මෙම පාඨමාලාව සඳහා ඉන්දුනීසියානු සමුද්‍රීය පොලිස් දෙපාර්තමේන්තුවේ කාන්තා නිලධාරීන් තිදෙනෙකු (03), මැලේසියානු සමුද්‍රීය නීතිය බලාත්මක කිරීමේ නියෝජිතායතනයේ කාන්තා නිලධාරීන් තිදෙනෙකු (03) සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ එක් (01) කාන්තා නිලධාරියෙකු සහ කාන්තා නාවිකයන් දෙදෙනෙකු (02) ඇතුළු නවදෙනෙකු (09) සහභාගී වේ.