වැදගත් සිදුවීම්

මිනිස් ජාවාරම් මැඩපැවැත්වීම සම්බන්ධයෙන් හමුදා නිලධාරීන් දැනුවත් කිරීමේ පුහුණු වැඩසටහනක් සාර්ථකව පවත්වයි

සංක්‍රමණ පිළිබඳ ජාත්‍යන්තර සංවිධානය (International Organization for Migration - IOM), මිනිස් ජාවාරමට එරෙහි ජාතික කාර්යය සාධන බලකාය (National Anti- Human Trafficking Task Force – NAHTTF) හා එක්ව, මිනිස් ජාවාරම මැඩපැවැත්වීම සම්බන්ධයෙන් 2023 ජුලි මස 04 සහ 05 දෙදින කොළඹදී පවත්වන ලද හමුදා නිලධාරින් දැනුවත් කිරීමේ වැඩසටහන සාර්ථකව නිමාවට පත්විය.

06 Jul 2023

සමුගැනීමේ නිල හමුවක් සඳහා ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක, කර්නල් මුහම්මද් සෆ්දාර් ඛාන් (Colonel Muhammad Safdar Khan) අද දින (2023 ජුලි 06) නාවික හමුදා මූලස්ථානයේදී සමුගැනීමේ නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය.

06 Jul 2023