ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමාජ සත්කාරක ව්‍යාපෘතිය මගින් “කතරගම පාද යාත්‍රාව” සඳහා පිරිසිදු පානීය ජලය සපයයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමාජ සත්කාරක ව්‍යාපෘතිය යටතේ, 2023 ජුනි මස 10 වන දින සිට 29 දින දක්වා පැවති කතරගම පාද යාත්‍රාව සඳහා සහභාගී වූ බැතිමතුන් වෙනුවෙන් යාල ලිං තුන ප්‍රදේශයේ ප්‍රතිආශ්‍රැති ජල පෙරන මධ්‍යස්ථානයක් ස්ථාපිත කර බැතිමතුන්ගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය පහසුවෙන් සපුරා දීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ සහ දකුණු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සමන් පෙරේරා ගේ අධීක්‍ෂණය යටතේ කතරගම පාද යාත්‍රාවට සහභාගී වූ බැතිමතුන් හට පිරිසිදු පානීය ජලය සැපයීම වෙනුවෙන්ම ස්ථාපනය කරන ලද මෙම ප්‍රතිආශ්‍රැති ජල පෙරන මධ්‍යස්ථානය මඟින්, පාද යාත්‍රාව සඳහා සහභාගී වූ බැතිමතුන් 27,000 කට අධික පිරිසක් සඳහා ජල ලීටර් 60,000 කට අධික ප්‍රමාණයක් අඛණ්ඩව සැපයීම සිදුකෙරිණි.

තවද, නාවික හමුදාවේ මෙම සමාජ සත්කාරක ව්‍යාපෘතිය විවිධ සිවිල් සංවිධාන සහ බැතිමතුන් ගේ ද ඉහළ ඇගයීමකට ලක් විය.