ශ්‍රී ලංකාවේ මාලදිවයින් මහ කොමසාරිස් හා නාවික හමුදාධිපති අතර නිල හමුවක්

ශ්‍රී ලංකාවේ මාලදිවයින් මහ කොමසාරිස් වශයෙන් කටයුතු කරනු ලබන ගරු අලි ෆායිස් (Ali Faiz) අද දින (2023 ජුලි 04) නාවික හමුදා මූලස්ථානයේදී, නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය.

ශ්‍රී ලංකා - මාලදිවයින් ඒකාබද්ධ කොමිසමේ සිව්වන සැසිවාරයට සමගාමීව පැවති මෙම නිල හමුවේදී, ශ්‍රී ලංකාවේ මාලදිවයින් මහ කොමසාරිස් සහ නාවික හමුදාධිපති අතර ද්වීපාර්ශ්වීය වශයෙන් වැදගත් කරුණු පිළිබඳව සුහද අදහස් හුවමාරුවක් සිදුකෙරුණු අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපතිගේ නාවික සහයක කොමදෝරු කෝසල වර්ණකුලසූරිය සහ ශ්‍රී ලංකාවේ මාලදිවයින් මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කර්නල් හසන් අමීර් (Colonel Hassan Amir) ද සහභාගී විය.

තවද, මෙම නිල හමුව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර සමරු තිලිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.