රියර් අද්මිරාල් ප්‍රියල් විතානගේ නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් සේවා ලෙස වැඩ භාර ගනියි

රියර් අද්මිරාල් ප්‍රියල් විතානගේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් සේවා වශයෙන් අද දින (2023 ජුලි 04) නාවික හමුදා මූලස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් සේවා කාර්යාලයේදී වැඩ භාර ගන්නා ලදී.

අධ්‍යක්‍ෂ ජෙනරාල් සේවා ලෙස වැඩ භාර ගැනීමට පෙර රියර් අද්මිරාල් ප්‍රියල් විතානගේ උතුරු නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති හා කන්කසන්තුරය වරායේ, වරාය පහසුකම් ආරක්‍ෂක නිලධාරී ලෙස රාජකාරි කටයුතු සිදු කරන ලදි.

ඒ අනුව, වැඩ බලන අධ්‍යක්‍ෂ ජෙනරාල් සේවා වශයෙන් කටයුතු කළ කොමදෝරු සංජිව පෙරේරා විසින් අභිනව අධ්‍යක්‍ෂ ජෙනරාල් සේවා ලෙස පත්වූ රියර් අද්මිරාල් ප්‍රියල් විතානගේ වෙත එම ධූරයේ රාජකාරීන් භාර දීම සිදු කෙරිණි.