නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්රියන්ත පෙරේරා, 2023 ජුලි මස 01 වන දින නැගෙනහිර නාවික විධානයට අයත් ත්රිකුණාමලය දකුණ ප්රදේශයේ නිල සංචාරයක නිරත වෙමින්, එම ප්රදේශයේ නාවික හමුදාවේ සහ ශ්රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් කටයුතු සහ සුභසාධන පහසුකම් නිරීක්ෂණය කල අතර, නාවික හමුදාවේ මෙහෙයුම් සූදානම සහ කාලීන අභියෝග කළමණාකරනය පිළිබඳව එහිදී, ත්රිකුණාමලය දකුණ ප්රදේශයේ නිලධාරීන් හා නාවිකයන් දැනුවත් කිරීම සිදු කෙරිණි.