ජපාන සමුද්‍රීය ස්වයං ආරක්‍ෂක බලකායට අයත් ‘IKAZUCHI (DD-107)’ නෞකාව නිල සංචාරය අවසන් කරමින් දිවයිනෙන් පිටත් වෙයි

2023 ජුනි මස 22 වන දින එක්දින නිල‍ සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ජපාන සමුද්‍රීය ස්වයං ආරක්‍ෂක බලකායට අයත් ‘IKAZUCHI (DD-107)’ නෞකාව නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් 2023 ජුනි මස 23 වන දින දිවයිනෙන් පිටත්ව යන ලද අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව වෙත නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම කොළඹ වරායේදී සිදු කෙරිණි.

මෙම නිල සංචාරයේදී, ‘IKAZUCHI (DD-107)’ නෞකාවේ අණදෙන නිලධාරී කොමාණ්ඩර් TANAKA Hiroaki සහ බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා අතර නිල හමුවක් සිදු කෙරු‍ණු අතර, එහි නැව් මුළුව කොළඹ ප්‍රදේශයේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා සංචාරය කිරීමටද කටයුතු කෙරි‍ණි.

විදෙස් නාවික හමුදාවන්ට අයත් නෞකාවන් විසින් සිදුකරනු ලබන මෙවැනි නිල සංචාර මඟින් දෙරටේ නාවික හමුදාවන් අතර සුහදත්වය හා සහයෝගීත්වය වර්ධනය වීමට මහඟු පිටුවහලක් වනු ඇත.