ශ්‍රී ලංකාවේ සහ මාලදිවයින් ඊජිප්තු තානාපති හා නාවික හමුදාධිපති අතර හමුවක්

ශ්‍රී ලංකාවේ සහ මාලදිවයින් ඊජිප්තු තානාපති වශයෙන් කටයුතු කරනු ලබන ගරු Maged Mosleh මහතා අද දින (2023 ජුනි 21) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය.

මෙම නිල හමුවේදී, ශ්‍රී ලංකාවේ සහ මාලදිවයින් ඊජිප්තු තානාපති හා නාවික හමුදාධිපති අතර ද්වීපාර්ශ්වීය වශයෙන් වැදගත් කරුණු පිළිබඳව සුහද අදහස් හුවමාරුවක් සිදුවූ අතර, මෙම නිල හමුව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර සමරු තිලිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.