නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් ජානක නිස්සංක නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 33 කට අධික සේවය නිමා කරමින් රියර් අද්මිරාල් ජානක නිස්සංක අද දින (2023 ජුනි 21) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම යන ලදී.
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ප්‍රමුඛ නාවික හමුදා කළමණාකරණ මණ්ඩලය විසින් අද දිනට සිය 55 වන උපන්දිනය යෙදී ඇති රියර් අද්මිරාල් ජානක නිස්සංක වෙත නාවික හමුදා මූලස්ථානයේදී උපන් දින සුබපැතුම් පිරිනැමීමෙන් අනතුරුව, නාවික හමුදා සම්ප්‍රදායානුකූලව විශේෂ සම්මාන මුරයක් මඟින් ඔහු වෙත උත්තමාචාරය පුද කිරීම සිදු කෙරිණි. අනතුරුව, සහෘද නිලධාරීන් විසින් සමුදීමෙන් පසු නාවික රථ පෙළපාලියකින් නාවික හමුදා මූලස්ථානයෙන් පිටව යන මොහොතේ ජ්‍යේෂ්ඨ සහ කණිෂ්ඨ නාවිකයින් මාර්ගය දෙපස රැඳී සිටිමින් රියර් අද්මිරාල් ජානක නිස්සංක වෙත නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සුභාශිංසන පිරිනැමීම සිදුකෙරිණි.
1989 වසරේ දී 19 වන බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරියෙකු ලෙස නාවික හමුදා සේවයට එක්ව ඇති රියර් අද්මිරාල් ජානක නිස්සංක, සිය වසර 33 කට අධික සේවා කාලය තුළ ශ්‍රී ලංකා නාවික හමුදාවේ විවිධ නෞකා සහ ආයතනයන්හි අණදෙන නිලධාරි වශයෙන් කටයුතු කර ඇත. එමෙන්ම, කපිතාන් මෙහෙයුම් දෙපාර්තමේන්තුව (දකුණ), ජ්‍යේෂ්ඨ මාණ්ඩලික ආරක්ෂක නිලධාරි (නැගෙනහිර), වැබ බලන අධ්‍යක්‍ෂ නාවික බුද්ධි, උතුරු නාවික විධානයේ නාවික අණභාර නිලධාරි (දූපත්), වැඩ බලන නාවික අණභාර නිලධාරි (පූනෑව), ශ්‍රී ලංකා නාවික නෞකා ශික්ෂා ආයතනයේ ආඥාපති සහ අණදෙන නිලධාරි, කොමදෝරු මුහුදු පුහුණු, නියෝජ්‍ය ආඥාපති නැගෙනහිර නාවික විධානය හා වරාය පහසුකම් ආරක්ෂක නිලධාරි (ත්‍රිකුණාමලය), නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල් ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව, අධ්‍යක්‍ෂ ජෙනරාල් පරිපාලන සහ ආඥාපති උතුරු මැද නාවික පෙදෙස ආදී ප්‍රමුඛ නිල තල දරමින් කටයුතු කළ කීර්තිමත් ජ්‍යේෂ්ඨ නිලධාරියෙකි.