ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර, යාපනය කන්කසන්තුරය වරායේ සිට මගී ප්‍රවාහන යාත්‍රා සේවාවක් ආරම්භ කිරීම සඳහා නාවික හමුදාවේ තාක්ෂණික හා ශිල්පීය දායකත්වයෙන් සිදුකල කන්කසන්තුරය වරායේ යටිතල පහසුකම් පුළුල් කිරීමේ ව්‍යාපෘතිය සාර්ථකව අවසන් කිරීමෙන් අනතුරුව, එහි මගී ප්‍රවාහන පර්යන්තය හා පහසුකම් මෙහෙයුම් කටයුතු සඳහා විවෘත කිරීම අද දින (2023 ජුනි 16) වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය ගරු නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ ධීවර අමාත්‍ය ගරු ඩග්ලස් දේවානන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් සහ උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් අරුණ තෙන්නකෝන් ගේ සහභාගීත්වයෙන් සිදුකෙරිණි.