කොච්චිකඩේ ශාන්ත අන්තෝනී මුනිඳුන්ගේ වාර්ෂික දේව මංගල්‍යය අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට නාවික හමුදා සහය

කොච්චිකඩේ, ශාන්ත අන්තෝනී මුනිඳුන්ගේ වාර්ෂික දේව මංගල්‍යය, කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් සහ කිතුනු බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් 2023 ජුනි මස 13 වන දින කොච්චිකඩේ, ශාන්ත අන්තෝනී දේවස්ථානයේදී පැවත්විණි.

ඵෙතිහාසික සම්ප්‍රදායක් ලෙස කොච්චිකඩේ, ශාන්ත අන්තෝනී මුනිඳුන්ගේ වාර්ෂික දේව මංගල්‍යය පැවැත්වීම සඳහා නාවික හමුදාව අඛණ්ඩව දායක වේ. ඒ අනුව, වාර්ෂික දේව මංගල්‍යය ආරම්භ කරමින් පැවැත්වෙන සන්ධ්‍යා දේව මෙහෙය සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහභාගී වූ අතර, ඵෙතිහාසික සම්ප්‍රදායක් ලෙස ශ්‍රී ලංකා නාවික හමුදා දායකත්වයෙන් සිදු කරනු ලබන ශාන්ත අන්තෝනී මුනිඳුන්ගේ ප්‍රතිමාව වීථි සංචාරය කිරීම මෙවරද නාවික හමුදාවේ දායකත්වයෙන් අති උත්කර්ෂවත් අයුරින් සිදු කෙරිණි.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් හා මඟ පෙන්වීම මත, නාවික හමුදා ක්‍රිස්තියානි සංගමයේ සභාපති රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු ප්‍රමුඛ එම සංගමයේ සම්බන්ධීකරණයෙන් මෙම මංගල්‍යය සාර්ථක කර ගැනීම සඳහා නාවික හමුදා ක්‍රිස්තියානි සංගමයේ නිලධාරීන් සහ නාවිකයන් සිය දායකත්වය ලබා දීම සිදු කෙරිණි.

තවද, කොච්චිකඩේ, ශාන්ත අන්තෝනී මුනිඳුන්ගේ වාර්ෂික දේව මංගල්‍යය සාර්ථකව පැවැත්වීම සදහා නාවික හමුදාව විසින් ලබා දුන් දායකත්වය සම්බන්ධයෙන් දේවස්ථානය භාර පූජකතුමන් ඇතුළු බැතිමතුන් නාවික හමුදාධිපති ඇතුළු සමස්ථ නාවික හමුදාව වෙත ප්‍රශංසාව පල කර සිටින ලදී.