ශාස්ත්‍රීය දක්ෂතා දැක්වූ නාවික හමුදා නිලධාරීන් හට බ්‍රිතාන්‍ය නාවික ආයතනයෙන් සම්මාන
ශ්‍රී ලංකා නාවික හමුදාවේ ශාස්ත්‍රීය පාඨමාලාවන්ගෙන් විශිෂ්ඨ දක්ෂතා දැක්වූ නිලධාරීන් දෙදෙනෙකු වෙත බ්‍රිතාන්‍ය නාවික ආයතනයේ (The Nautical Institute) ශ්‍රී ලංකා ශාඛාව මඟින් සහතික සහ සමරුඵලක ප්රදානය කිරීම නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ සහ බ්‍රිතාන්‍ය නාවික ආයතනයේ ශ්‍රී ලංකා ශාඛාවේ වත්මන් සභාපති කොමදෝරු රවීන්ද්‍ර තිසේරා ගේ ප්‍රධානත්වයෙන් 2023 ජුනි මස 10 වන දින කොළඹ ශ්‍රී ලංකා විද්වත් වෘත්තිකයන්ගේ සංගම් සංවිධාන කාර්යාල පරිශ්‍රයේදී (Organization of Professional Associations of Sri Lanka) පැවැත්විණි.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ ශාස්ත්‍රීය පාඨමාලාවන්ගෙන් විශිෂ්ඨ දක්ෂතා දක්වන නිලධාරීන්ගේ වෘත්තීය අභිවෘද්දිය උදෙසා ඔවුන් වෙත බ්‍රිතාන්‍ය නාවික ආයතනයේ ශ්‍රී ලංකා ශාඛාව මඟින් සම්මාන සහ සමරුඵලක පිරිනැමීම 2017 වර්ෂයේදී ආරම්භ කර ඇත.
ඒ අනුව, ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ 2022/2023 දීර්ඝ සංඥා පාඨමාලාවෙන් විශිෂ්ඨ දක්ෂතා දැක්වූ ලුතිනන් කේඩීසීවී රණසිංහ සහ ලුතිනන් එම්ඒටීසී පෙරේරා යන නිලධාරීන් වෙත බ්‍රිතාන්‍ය නාවික ආයතනයේ ශ්‍රී ලංකා ශාඛාව මඟින් 2022/2023 වර්ෂය වෙනුවෙන් සහතික හා සමරුඵලක, ප්රදානය කිරීම, නාවික හමුදාධිපතිගේ සහ බ්‍රිතාන්‍ය නාවික ආයතනයේ ශ්‍රී ලංකා ශාඛාවේ සභාපති ගේ ප්‍රධානත්වයෙන් මෙලෙස 2023 ජුනි මස 10 වන දින සිදු කෙරිණි.
තවද, මෙම අවස්ථාව සඳහා බ්‍රිතාන්‍ය නාවික ආයතනයේ ශ්‍රී ලංකා ශාඛාවේ විධායක කමිටු සාමාජිකයින් වශයෙන් කටයුතු කරනු ලබන නාවික හමුදා අධ්යක්ෂ ජෙනරාල් පුද්ගල රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු, නාවික හමුදා අධ්යක්ෂ ජෙනරාල් පරිපාලන රියර් අද්මිරාල් නලින්ද්‍ර ජයසිංහ සහ බ්‍රිතාන්‍ය නාවික ආයතනයේ ශ්‍රී ලංකා ශාඛාවේ විධායක කමිටු සාමාජික හා වත්මන් ලේකම්, නාවික හමුදා වැඩ බලන අධ්යක්ෂ පුහුණු, කපිතාන් බුද්ධික ජයවීර ඇතුළු බ්‍රිතාන්‍ය නාවික ආයතනයේ ශ්‍රී ලංකා ශාඛාවේ නිලධාරීන් පිරිසක් සහභාගී වි සිටියහ.