රියර් අද්මිරාල් හිරාන් බාලසූරිය නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් සිවිල් ඉංජිනේරු ලෙස වැඩ භාර ගනියි

රියර් අද්මිරාල් හිරාන් බාලසූරිය ශ්‍රී ලංකා නාවික හමුදාවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් සිවිල් ඉංජිනේරු වශයෙන් 2023 ජුනි මස 06 වන දින නාවික හමුදා මූලස්ථානයේ, අධ්‍යක්‍ෂ ජෙනරාල් සිවිල් ඉංජිනේරු කාර්යාලයේදී වැඩ භාර ගන්නා ලදී.

අධ්‍යක්‍ෂ ජෙනරාල් සිවිල් ඉංජිනේරු ලෙස වැඩ භාර ගැනීමට පෙර රියර් අද්මිරාල් හිරාන් බාලසූරිය අධ්‍යක්‍ෂ නාවික සිවිල් ඉංජිනේරු ලෙස රාජකාරි කටයුතු සිදු කරන ලදි.

ඒ අනුව, අධ්‍යක්‍ෂ ජෙනරාල් සිවිල් ඉංජිනේරු වශයෙන් කටයුතු කළ රියර් අද්මිරාල් රංජන් මැදගොඩ විසින් අභිනව අධ්‍යක්‍ෂ ජෙනරාල් සිවිල් ඉංජිනේරු ලෙස පත්වූ රියර් අද්මිරාල් හිරාන් බාලසූරිය වෙත එම ධූරයේ රාජකාරීන් භාර දීම සිදු කෙරිණි.