ඉන්දියාවේ නවදිල්ලි නුවර ඊශ්‍රායල තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි

ඉන්දියාවේ නවදිල්ලි නුවර ඊශ්‍රායල තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කර්නල් Avihay Zafrany අද දින (2023 ජුනි 05) නාවික හමුදා මූලස්ථානයේදී නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය.

කර්නල් Avihay Zafrany ඉන්දියාවේ නවදිල්ලීයේ පිහිටි ඊශ්‍රායල තානාපති කාර්යාලයට අනුයුක්තව ශ්‍රී ලංකාවේ ඊශ්‍රායල ආරක්‍ෂක උපදේශක ලෙසද කටයුතු කරනු ලබන අතර, මෙම නිල හමුවේදී නාවික හමුදාධිපති සහ ඊශ්‍රායල ආරක්‍ෂක උපදේශක අතර ද්වීපාර්ශික වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සුහද පිළිසඳරක් පැවැත්විණි.

තවද, මෙම නිල හමුව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.