‘PNS SHAHJAHAN’ නෞකාව සාර්ථක ඒකාබද්ධ නාවික අභ්‍යාසයකින් පසුව දිවයිනෙන් පිටත් වෙයි
2023 ජුනි මස 02 වන දින දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි පාකිස්ථානු නාවික හමුදාවට අයත් ‘PNS SHAHJAHAN’ නෞකාව නිල සංචාරය සාර්ථකව අවසන් කරමින්, ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රමබාහු නෞකාව සමඟ පැවති ඒකාබද්ධ නාවික අභ්‍යාසයකින් පසුව, 2023 ජුනි මස 04 වන දින දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම කොළඹ වරායේදී සිදු කෙරිණි.
මෙම ඒකාබද්ධ නාවික අභ්‍යාසයේදී (PASSEX) නෞකා පෙළ හැඩයන් ඔස්සේ ගමන් කිරීම, නෞකා අතර පණිවුඩ හුවමාරුව වැනි නාවික අභ්‍යාසයන් සිදු කරන ලද අතර, නෞකා අතර ආචාර සමාචාර සිදු කිරීමෙන් අනතුරුව, එම අභ්‍යාසය නිමාවට පත්විය.
‘PNS SHAHJAHAN’ නෞකාව දිවයිනේ රැඳී සිටි කාලසීමාව තුල එහි නැව් මුළුව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දෙරටේ නාවික හමුදාවන් අතර සුහදත්වය වැඩිදියුණු කිරීම වෙනුවෙන් සංවිධානය කරන වොලිබෝල් තරඟාවලියක් සඳහා සහභාගි වූ අතර, නෞකාවේ මෙහෙයුම් ක්‍රියාකාරීත්වය නීරීක්ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා පුද්ගලයන් හට අවස්ථාව හිමිවිය.
කලාපීය නාවික හමුදාවන්ට අයත් නෞකාවන් විසින් සිදුකරනු ලබන මෙවැනි සුහද සංචාර මඟින් දෙරටේ නාවික හමුදාවන් අතර සුහදත්වය හා සහයෝගීත්වය වැඩිදියුණු වන අතර, එම නෞකා සංචාරයන්ට සමගාමීව සිදු කරනු ලබන ඒකාබද්ධ නාවික අභ්‍යාස තුළින් හුවමාරු කරගනු ලබන නව දැනුම කුසලතා සහ අත්දැකීම්, ඉදිරියේදී සාගර කළාපයේ සාම්ප්‍රදායික නොවන මුහුදු තර්ජන ඇතුළු පොදු සමුද්‍රීය අභියෝග සාමූහිකව ජයගැනීම සඳහා මහඟු පිටුවහලක් ගෙනදෙනු ඇත.