පරිසරය සුරැකීමට සිදුකල දායකත්වය වෙනුවෙන් නාවික තඨාකාංගනය ජනාධිපති පරිසර රන් සම්මානයෙන් පිදුම් ලබයි
2023 අප්‍රේල් 28 වැනි දින කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී, ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති 2021-2022 ජනාධිපති පරිසර සම්මාන උළෙලේදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ත්‍රීකුණාමලය නාවික තඨාකාංගණය තුල පරිසරය සුරැකීම වෙනුවෙන් සිදුකරනු ලබන විශිෂ්ඨ දායකත්වය අගයමින් පිරිනමන ලද රන් සම්මානය, නැගෙනහිර නාවික විධානයේ හා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති රියර් අද්මිරාල් ධම්මික කුමාර විසින් ගරු ජනාධිපති තුමන් වෙතින් හිමිකර ගන්නා ලදි.
නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් හා මඟපෙන්වීම මත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සියලුම නාවික විධානයන් ආවරණය වන පරිදි පරිසර සංරක්ෂණ වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ලබයි.
ඒ අනුව, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පරිසරය සුරැකීම වෙනුවෙන් නාවික තඨාකාංගණය තුල සිදුකෙරෙන විශේෂ වැඩපිළිවෙල අගයමින් මීට පෙර 2016 වසරේ සහ 2019 වසරේදීද නාවික තඨාකාංගණය ජනාධිපති පාරිසරික සම්මානයෙන් පිදුම් ලබා ඇති අතර, 2021-2022 ජනාධිපති පරිසර සම්මාන උළලෙහිදී පරිසරය සුරැකීම වෙනුවෙන් රන් සම්මානය හිමිකර ගැනීම, එම සම්මානයෙන් නාවික තඨාකාංගණය පිදුම් ලද තෙවන අවස්ථාව ලෙස සනිටුහන් විය.
තවද, මධ්‍යම පරිසර අධිකාරිය විසින් සංවිධානය කරන ලද මෙම ජනාධිපති පරිසර සම්මාන උළලෙහිදී කර්මාන්ත, ව්‍යාපාර හා ව්‍යාපෘති, ආයතන, මාධ්‍ය සහ සමාජ යන ප්‍රධාන අංශයන් යටතේ 90 දෙනෙකු වෙත මෙලෙස පරිසර සම්මාන පිරිනැමීම ගරු ජනාධිපති තුමා විසින් සිදුකෙරිණි.