ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති කාර්යාලයේ දූත පිරිසක් නාවික හමුදා මූලස්ථානයේ සහ නැගෙනහිර නාවික විධානයේ නිල සංචාරයක නිරත වෙයි
ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති කාර්යාලයේ දායකත්වයෙන් සිදුකෙරෙන පුහුණු වැඩසටහනට සමගාමීව, ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති වශයෙන් කටයුතු කරනු ලබන ගරු Jean - Francois PACTET මහතා ඇතුළු දූත පිරිසක් 2023 අප්‍රේල් මස 24 වන දින නාවික හමුදා මූලස්ථානයේ ද සහ එම තානාපති කාර්යාලයේ දූත පිරිසක් 2023 අප්‍රේල් මස 26 වන දින නැගෙනහිර නාවික විධානයේද නිල සංචාරයක නිරත විය.
ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති කාර්යාලයේ දායකත්වයෙන් 2023 අප්‍රේල් මස 24 වන දින සිට 28 වන දින දක්වා කොළඹ සමුද්‍රීය සෙවීම් හ මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ පැවැත්වෙන පුහුණු වැඩමුළුවට සමගාමීව ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති ඇතුළු දූත පිරිස 2023 අප්‍රේල් මස 24 වන දින නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවී ද්වීපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු පිළිබඳ අදහස් හුවමාරුවක් සිදු කෙරුණු අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා අධ්යක්ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක ද සහභාගි විය.
ඒ අනුව, ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති කාර්යාලයේ දායකත්වයෙන්, රී යුනියන් දූපතේ පිහිටි සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ මෙහෙයවීමෙන් පැවති මෙම පුහුණු වැඩමුළුවේදී; සෙවීම් හා මුදවා ගැනීම් සංවිධානය (Search and Rescue Organization), සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් මෙහෙයුම් සිදුකරන ආකාරය (Conducting of a SAR Operation), ගෝලීය සමුද්‍රීය ආපදා සහ ආරක්ෂක පද්ධතියට අයත් උපකරණ හඳුන්වාදීම (Global Maritime Distress and Safety System equipment), සමුද්‍රීය සෙවීම් සැලසුම් කිරීම (Search Planning), ආපදා අවස්ථාවක් සම්බන්ධීකරණය පිළිබඳ සැලසුම් කිරීම (Planning on scene coordination) යන තේමාවන් පිළිබඳව දැනුවත් කිරීම සිදු කෙරිණි.
ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති කාර්යාලයේ දූත පිරිස විසින් 2023 අප්‍රේල් මස 26 වන දින නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේ සිදු කෙරුණු නිල සංචාරයේදී, එම විධානයේ හා ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදා ආඥාපති, රියර් අද්මිරාල් ධම්මික කුමාර සහ ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපිඨයේ ආඥාපති කොමදෝරු බුද්ධික ලියනගමගේ හමුවී ද්වීපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු පිළිබඳ අදහස් හුවමාරුවක් සිදු කෙරුණි.