ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සහ නාවික හමුදාධිපති අතර නිල හමුවක්

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගරු ගෝපාල් බග්ලේ මහතා අතර, කොළඹ ඉන්දීය මහ කොමසාරිස් නිල නිවසේදී අද දින (2023 අප්‍රේල් 20) නිල හමුවක් සිදු කෙරිණි.

මෙම නිල හමු‍වේදී ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සහ ශ්‍රී ලංකා නාවික හමුදාධිපති අතර ද්වීපාර්ශවීය වශයෙන් වැදගත් කරුණු පිළිබඳ අදහස් හුවමාරුවක් සිදු කෙරුණු අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපතිගේ නාවික සහයක කොමදෝරු කෝසල වර්ණකුලසූරිය සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කපිතාන් විකාශ් සූඩ් ද සහභාගී වී සිටියහ.

තවද, මෙම අවස්ථාව සනිටුහන් කරමින් නාවික හමුදාධිපති විසින් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් වෙත සමරු තිළිණයක් ලබාදීමද සිදු කෙරිණි.