රියර් අද්මිරාල් නලින්ද්‍ර ජයසිංහ නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් පරිපාලන ලෙස වැඩ භාර ගනියි
රියර් අද්මිරාල් නලින්ද්‍ර ජයසිංහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් පරිපාලන වශයෙන් අද දින (2023 අප්‍රේල් 03) නාවික හමුදා මූලස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් පරිපාලන කාර්යාලයේදී වැඩ භාර ගන්නා ලදී.
අධ්‍යක්‍ෂ ජෙනරාල් පරිපාලන ලෙස වැඩ භාර ගැනීමට පෙර රියර් අද්මිරාල් නලින්ද්‍ර ජයසිංහ උතුරු මැද නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති ලෙස රාජකාරි කටයුතු සිදු කරන ලදි.
ඒ අනුව, වැඩ බලන අධ්‍යක්‍ෂ ජෙනරාල් පරිපාලන වශයෙන් කටයුතු කළ කොමදෝරු තුෂාර උඩුගම විසින් අභිනව අධ්‍යක්‍ෂ ජෙනරාල් පුද්ගල ලෙස පත්වූ රියර් අද්මිරාල් නලින්ද්‍ර ජයසිංහ වෙත එම ධූරයේ රාජකාරීන් භාර දීම සිදු කෙරිණි.