ශ්‍රී ලංකාවේ පාකිස්තානු මහ කොමසාරිස් සහ නාවික හමුදාධිපති අතර හමුවක්

ශ්‍රී ලංකාවේ පාකිස්තානු මහ කොමසාරිස් වශයෙන් කටයුතු කරනු ලබන මේජර් ජෙනරාල් උමාර් ෆරූක් බුර්කි (විශ්‍රාමික) (Maj Gen Umar Farooq Burki (Retired)) අද දින (2023 මාර්තු 09) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය.

මෙම නිල හමුවේදී, ශ්‍රී ලංකාවේ පාකිස්තානු මහ කොමසාරිස් සහ නාවික හමුදාධිපති අතර ද්වීපාර්ශ්වීය වශයෙන් වැදගත් කරුණු පිළිබඳව සුහද අදහස් හුවමාරුවක් සිදුවූ අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපතිගේ නාවික සහයක කොමදෝරු කෝසල වර්ණකුලසූරිය සහ ශ්‍රී ලංකාවේ පාකිස්තානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කර්නල් මුහම්මඩ් සෆ්දාර් ඛාන් (Colonel Muhammad Safdar Khan) ද සහභාගී විය.

තවද, මෙම නිල හමුව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර සමරු තිලිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.