‘KRI Raden Eddy Martadinata - 331’ නෞකාවේ අණදෙන නිලධාරී සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී අතර හමුවක්
නිල සංචාරයක් සඳහා දිවයිනට සේන්දු වූ ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI Raden Eddy Martadinata - 331’ යුද නෞකාවේ අණදෙන නිලධාරී Captain Nopriadi, M. Tr. Hanla ඇතුළු දූත පිරිසක් අද දින (2023 පෙබරවාරි 20) නිල හමුවක් සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම්, රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක නාවික හමුදා මූලස්ථානයේ දී හමුවිය.
මෙම නිල හමුවේදී ‘KRI Raden Eddy Martadinata - 331’ යුද නෞකාවේ අණදෙන නිලධාරී සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් අතර ද්වීපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සුහද පිළිසඳරක් පැවැත්විණි.
තවද, මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක, කොමදෝරු DIDIK KURNIAWAN ද සහභාගී වූ අතර, මෙම නිල හමුව සනිටුහන් කරමින් දෙපාර්ශ්වය අතර, සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.