වැදගත් සිදුවීම්

2022 වසරේ හොඳම නෞකාව ලෙස ශ්‍රීලංකා නාවික නෞකා සිඳුරළ නෞකාව නම් කෙරේ

2022 වර්ෂයේ හොඳම ශ්‍රීලංකා නාවික හමුදා නෞකාව වශයෙන් ශ්‍රී ලංකා නාවික නෞකා සිඳුරළ නෞකාවත් කුඩා නෞකාව වශයෙන් ශ්‍රී ලංකා නාවික නෞකා මිහිකත නෞකාවත් හොඳම වේග ප්‍රහාරක යාත්‍රාව වශයෙන් පී 414 යාත්‍රාවත් 2023 පෙබරවාරි මස 13 වන දින නම් කරන ලද අතර, ඒ අනුව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ සුරතින් ජයග්‍රහණය ලද නෞකා සහ යාත්‍රාවන්ට හිමි තරු සලකුණු සහිත ඵලකයන් ශ්‍රී ලංකා නාවික නෞකා සයුරල නෞකාවේ දී ලබා දීම සිදුකෙරිණි.

15 Feb 2023

කොළඹ නාවික අභ්‍යාසය - 2023 (CONEX - 23) සාර්ථකව අවසන් වේ

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පස්වන වරටත් සංවිධානය කරනු ලැබූ ‘කොළඹ නාවික අභ්‍යාසය - 2023’ (Colombo Naval Exercise - CONEX 23) කොළඹ වරාය පරිශ්‍රයේදී සහ බටහිර නාවික විධානයට අයත් මුහුදු තීරයේදී 2023 පෙබරවාරි මස 06 වන දින සිට 12 වන දක්වා සාර්ථකව පැවැත්වුනු අතර, එහි අවසන් අභ්‍යාසය අධීක්‍ෂණය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් ශ්‍රී ලංකා නාවික නෞකා විජයබාහු නෞකාවේ සිට සිදු කෙරිණි.

15 Feb 2023