නැගෙනහිර නාවික විධානයේ නාවික තඨාකාංගණය වෙත ISO 45001:2018 ප්‍රමිති සහතිකය ප්රදානය කෙරේ
නැගෙනහිර නාවික විධානයේ නාවික තඨාකාංගණය වෙත ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් වෘත්තීය සෞඛ්‍ය සහ ආරක්ෂිත කළමනාකරණ පද්ධතිය සඳහා වන ISO 45001:2018 සහතිකය ප්රදානය කිරීම (OCCUPATIONAL HEALTH & SAFETY MANAGEMENT SYSTEM CERTIFICATION- ISO 45001:2018) 2023 පෙබරවාරි මස 11 වන දින, නැගෙනහිර නාවික විධානයේ හා ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති රියර් අද්මිරාල් ධම්මික කුමාර ගේ ප්‍රධානත්වයෙන් සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්යක්ෂ ජෙනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරිනී, ආචාර්ය සිද්දිකා ජී. සේනාරත්න මහත්මිය ගේ හා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජෙනරාල් එන්බීඩී නීලකාන්ති මහත්මිය ගේ සහභාගීත්වයෙන්, ත්‍රිකුණාමලය නාවික තඨාකාංගණයේ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවණාගාරයේදී සිදු කෙරිණි.
නැගෙනහිර නාවික විධානයේ නාවික තඨාකාංගණයේ සියළුම ඉංජිනේරු වැඩපොළ ආශ්‍රිතව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් සිදුකරන ලද පුළුල් තත්ව විගණනයකින් අනතුරුව, එම වැඩපොළ තුළ වඩාත් ආරක්ෂිත සහ සෞඛ්‍ය සම්පන්න සේවා පරිසරයක් පවත්නා බවට සහතික කර ගැනීම ප්‍රථමයෙන් සිදු කරන ලදී. ඒ අනුව, වෘත්තීය සෞඛ්‍ය සහ ආරක්ෂාව පිළිබඳව ජාතික සහ ජාත්‍යන්තර නෛතික ප්‍රමිතීන්ට අනුකූලව නැගෙනහිර නාවික විධානයේ නාවික තඨාකාංගණයේ රාජකාරි පරිසරය සකස් කර තිබිම සැලකිල්ලට ගනිමින් මෙලෙස ISO 45001:2018 තත්ව සහතිකය නැගෙනහිර නාවික විධානයේ නාවික තඨාකාංගණය වෙත පිරිනැමීම මෙලෙස 2023 පෙබරවාරි මස 11 වන දින සිදු කෙරිණි.
තවද, මෙම අවස්ථාව සඳහා ත්‍රීකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු, කොමදෝරු අධිකාරි තඨාකාංගණය (නැගෙනහිර) කොමදෝරු හර්ෂ ද සිල්වා ඇතුළු නැගෙනහිර නාවික විධානයේ දෙපාර්තමේන්තු ප්‍රධානීන්, නාවික හමුදා මූලස්ථානයේ සහ නැගෙනහිර නාවික විධානයේ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් පිරිසක්ද සහභාගි වී සිටියහ.