පාකිස්ථානයේ ඒකාබද්ධ මාණ්ඩලික කමිටු ප්රධානී සහ නාවික හමුදාධිපති අතර හමුවක්
පාකිස්ථානයේ ඒකාබද්ධ මාණ්ඩලික කමිටු ප්රධානී, ජෙනරාල් සහීර් ශම්ෂාඩ් මිර්සා (General Sahir Shamshad Mirza) අද දින (2023 පෙබරවාරි 10) නාවික හමුදා මූලස්ථානයේදී නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්රියන්ත පෙරේරා හමුවිය.
නාවික හමුදා මූලස්ථානයට පිවිසි පාකිස්ථානයේ ඒකාබද්ධ මාණ්ඩලික කමිටු ප්රධානී, ජෙනරාල් සහීර් ශම්ෂාඩ් මිර්සා, වෙත නාවික හමුදා සම්ප්රදායානුකූලව විශේෂ සම්මාන මුරයක් මඟින් උත්තමාචාරය පිරිනමන ලදී. අනතුරුව, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්රියන්ත පෙරේරා විසින් පාකිස්ථානයේ ඒකාබද්ධ මාණ්ඩලික කමිටු ප්රධානී, නාවික හමුදා මූලස්ථානය වෙත පිළිගැනීමෙන් පසු ඔහු වෙත නාවික හමුදා කළමණාකරන මණ්ඩලය හඳුන්වාදීමට කටයුතු කෙරිණි.
මෙම නිල හමුවේදී, පාකිස්ථානයේ ඒකාබද්ධ මාණ්ඩලික කමිටු ප්රධානී සහ ශ්රී ලංකා නාවික හමුදාධිපති අතර ද්විපාර්ශ්වීය වශයෙන් වැදගත් කරුණු සහ දෙරටේ දිගුකාලීන මිත්රශීලී සබඳතාවය පිළිබඳ සුහද පිළිසඳරක් පැවැත්වීමෙන් අනතුරුව, මෙම හමුව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර, සමරු තිළිණ හුවමාරුවක් සිදු කෙරිණි.
තවද, මෙම නිල හමුව සනිටුහන් කරමින් පාකිස්ථානයේ ඒකාබද්ධ මාණ්ඩලික කමිටු ප්රධානී, ජෙනරාල් සහීර් ශම්ෂාඩ් මිර්සා, ශ්රී ලංකා නාවික හමුදාධිපති ඇතුළු නාවික හමුදා කළමණාකරණ මණ්ඩලය සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටීමෙන් අනතුරුව, නාවික හමුදාධිපති කාර්යාලයේ විශේෂ අමුත්තන් සඳහා වු සමරු පොතෙහි සටහනක් තැබීම ද සිදු කෙරිණි.