ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති සහ නාවික හමුදාධිපති අතර නිල හමුවක්

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති වශයෙන් කටයුතු කරනු ලබන ගරු Jean - Francois PACTET මහතා නිල හමුවක් සඳහා අද දින (2023 පෙබරවාරි 06) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය.

මෙම නිල හමුවේදී නාවික හමුදාධිපති සහ ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති අතර ද්වීපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සුහඳ පිළිසඳරක් පැවැත්වුනු අතර, එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති කාර්යාලයේ නාවික ආරක්‍ෂක උපදේශක Commander Jean – Baptiste TROUCHE සහ නාවික හමුදාධිපතිගේ නාවික සහයක කොමදෝරු කෝසල වර්ණකුලසූරිය ද සහභාගී විය.

තවද, එම අවස්ථාව සනිටුහන් කරමින් නාවික හමුදාධිපති විසින් ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති වෙත සමරු තිලිණයක්ද ප්‍රදානය කිරීම සිදුකෙරිණි.