ඉන්දීයාවේ රාජකීය සෞදි අරාබි තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි
ඉන්දියාවේ, රාජකීය සෞදි අරාබි තානාපති කාර්යාලයට අනුයුක්තව ශ්රී ලංකා ආරක්ෂක උපදේශක වශයෙන්ද කටයුතු කරනු ලබන Staff Brig. Gen. (Dr.) Mohmmad Essa H Alhrbi අද දින (2023 පෙබරවාරි 03) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්රියන්ත පෙරේරා හමුවිය.
රාජකීය සෞදි අරාබි තානාපති කාර්යාලයට අනුයුක්ත ශ්රී ලංකා ආරක්ෂක උපදේශක Staff Brig. Gen. (Dr.) Mohmmad Essa H Alhrbi විසින් නාවික හමුදාධිපති හමුවූ ප්රථම නිල හමුව මෙය වූ අතර, මෙම නිල හමුවේදී නාවික හමුදාධිපති සහ රාජකීය සෞදි අරාබි තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක අතර, ද්වීපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සුහද පිළිසඳරක් පැවැත්විණි.
තවද, මෙම නිල හමුව සනිටුහන් කරමින් දෙපාර්ශ්වය අතර, සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.