තුර්කි ජනරජ තානාපති කාර්යාලයේ හමුදා උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි

ඉන්දියාවේ, තුර්කි ජනරජ තානාපති කාර්යාලයට අනුයුක්ත හමුදා උපදේශක Staff Colonel Servet OKUMUŞ අද දින (2023 පෙබරවාරි 03) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය.

ඉන්දියාවේ, තුර්කි ජනරජ තානාපති කාර්යාලයට අනුයුක්තව ශ්‍රී ලංකා හමුදා උපදේශක වශයෙන්ද කටයුතු කරනු ලබන Staff Colonel Servet OKUMUŞ සහ නාවික හමුදාධිපති හමුවූ ප්‍රථම නිළ හමුව මෙය වූ අතර, මෙම නිල හමුවේදී නාවික හමුදාධිපති සහ තුර්කි ජනරජ තානාපති කාර්යාලයේ හමුදා උපදේශක අතර, ද්වීපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සුහද පිළිසදරක් පැවැත්විණි.

තවද, මෙම නිළ හමුව සනිටුහන් කරමින් දෙපාර්ශ්වය අතර, සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.