වැදගත් සිදුවීම්
නාවික හමුදාවේ දායකත්වයෙන් යාපනය කරෙයිනගර් හිදී පැවැත්වූ 03 වන ජීවිතාරක්ෂක පුහුණු පාඨමාලාවේ සහතික ප්රදානය කෙරේ
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමය, නෝර්ත්වින්ඩ් ප්‍රොජෙක්ට් ආයතනය හා සහයෝගයෙන් යාපනය, කරෙයිනගර් හිදී සංවිධානය කළ තෙවන (03) ජීවිතාරක්ෂක පාඨමාලාව සාර්ථකව අවසන් කළ යාපනය ප්‍රදේශයේ තරුණයන් අට දෙනෙකු (08) වෙත සහතික පත්‍ර ප්රදානය කිරීම, උතුරු නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු ප්‍රියාල් විතානගේ ගේ ප්‍රධානත්වයෙන් 2023 ජනවාරි මස 06 වන දින කරෙයිනගර්, ෆෝර්ට් හැමන්හිල් අවන්හලේදී සිදු කෙරිණි.
07 Jan 2023
නාවික හමුදාව මඟින් නිෂ්පාදනය කරන ලද තැලසීමියා නික්ෂේපණ යන්ත්‍රයක් තැලසීමියා රෝගයෙන් පෙළෙන දරුවකු වෙත ප්රදානය කරයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමාජ මෙහෙවර ව්‍යාපෘතිය යටතේ, නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය මඟින් නිපදවන ලද තැලසීමියා නික්ෂේපණ යන්ත්‍රයක් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් පරිදි දකුණු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් හරින්ද්‍ර ඒකනායක විසින් මීගස්ආර, ජූලම්පිටිය ප්‍රදේශයේ පදිංචි තැලසීමියා රෝගයෙන් පෙළෙන දරුවකු වෙත අද දින (2023 ජනවාරි 06) තංගල්ල, මාලිමා උත්සව ශාලාව සහ නාවික නිවාඩු නිකේතනයේදී ප්රදානය කිරීම සිදු කෙරිණි.
07 Jan 2023
Inter Ship/ Craft ROR, Rigging, Semaphore and Flashing Competition - 2022 නාවික හා සාගරික විද්‍යාපීඨයේදී සාර්ථකව පවත්වයි
නාවික හමුදා දියත් විධානය විසින් සංවිධානය කරන ලද Inter Ship/ Craft ROR, Rigging, Semaphore and Flashing Competition - 2022 ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවණාගාරයේදී 2023 ජනවාරි මස 05 වන දින සාර්ථකව පැවැත්විණි.
07 Jan 2023


