නාවික හමුදාවේ දායකත්වයෙන් පලුගස්වැව මෛත්‍රීගම ඉදිකළ ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය ජනතා අයිතියට

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමාජ සත්කාර ව්‍යපෘතිය යටතේ අනුරාධපුර, පලුගස්වැව මෛත්‍රීගම ඉදිකළ ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය 2022 ජුලි මස 24 වන දින විවෘත කර ජනතා අයිතියට පත් කෙරිණි.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ මඟ පෙන්වීම මත සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් සහ නාවික හමුදාවේ තාක්‍ෂණික හා ශ්‍රම දායකත්වයෙන් ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම, නාවික හමුදා සමාජ සත්කාරක ව්‍යාපෘතිය යටතේ සිදුකරනු ලබන සුවිශාල සමාජ සත්කාර්යයකි.

ඒ අනුව, නාවික හමුදාව විසින් අනුරාධපුර, පලුගස්වැව මෛත්‍රීගම ඉදිකරන ලද ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය 2022 ජුලි මස 24 වන දින විවෘත කර මෙලෙස ජනතා අයිතියට පත් කරන ලදි. මෙම ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය මඟින් පලුගස්වැව මෛත්‍රීගම ප්‍රදේශයේ පවුල් 600 කට පමණ පිරිසිදු පානීය ජලය පහසුවෙන් ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.