උතුරු නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් අරුණ තෙන්නකෝන් වැඩ භාර ගනී
රියර් අද්මිරාල් අරුණ තෙන්නකෝන් උතුරු නාවික විධානයේ නව ආඥාපති වශයෙන් අද (2022 ජුලි 12) දින එම විධාන මූලස්ථානයේදී වැඩ භාර ගන්නා ලදී.
නාවික හමුදා සම්ප්‍රදායන්ට අනුව සම්මාන ආචාර මුරයක් පිරිනමමින් රියර් අද්මිරාල් අරුණ තෙන්නකෝන් උතුරු නාවික විධානය වෙත පිළිගැනීමෙන් අනතුරුව, එම නාවික විධානයේ වැඩ බලන ආඥාපති වශයෙන් කටයුතු කළ කොමදෝරු ඉසිර කාසිවත්ත විසින් එම ධූරයේ රාජකාරීන් නව ආඥාපති වෙත භාර දීම සිදු කෙරිණි. උතුරු නාවික විධානයේ ආඥාපති ලෙස වැඩ භාර ගැනීමට පෙර රියර් අද්මිරාල් අරුණ තෙන්නකෝන් නාවික හමුදා මුලස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් පුද්ගල සහ ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති වශයෙන් රාජකාරි කටයුතු සිදු කරන ලදි.