නාවික හමුදාව ඉදිකළ ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථාන දෙකක් (02) ජනතා අයිතියට
ශ්‍රී ලංකා නාවික හමුදාවේ තවත් සමාජ සත්කාරයක් ලෙස අරන්තලාව ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන පරිශ්‍රයේ සහ ගලේවෙල, ඉහළ දිග්ගල ප්‍රාථමික විද්‍යාල පරිශ්‍රයේ ඉදිකළ ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථාන දෙකක් (02) 2022 ජුනි මස 02 වන දින සහ අද (2022 ජුනි 03) විවෘත කර ජනතා අයිතියට පත් කෙරිණි.
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ මඟ පෙන්වීම මත සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් සහ නාවික හමුදාවේ තාක්ෂණික හා ශ්‍රම දායකත්වයෙන් ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම, නාවික හමුදා සමාජ සත්කාරක ව්‍යාපෘතිය යටතේ නාවික හමුදාව විසින් ක්‍රියාවට නංවනු ලබයි.
ඒ අනුව, අරන්තලාව ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන පරිශ්‍රයේ 2022 මාර්තු මස 05 වන දින ඉදිකිරීම් ආරම්භ කරන ලද ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කඩිනමින් නිම කර, 2022 ජුනි මස 02 වන දින ගිණිකොන නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් මහින්ද මහවත්තගේ ප්‍රධානත්වයෙන් විවෘත කර ජනතා අයිතියට පත් කරන ලදී. මෙම ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය මඟින් අරන්තලාව ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ වැඩ සිටින ගරුතර ස්වාමීන් වහන්සේලාගේ මෙන්ම, අරන්තලාව ප්‍රදේශයේ පවුල් 250 කට පමණ පිරිසිදු පානීය ජලය ලබා ගැනීමේ හැකියාව ඇත.
එමෙන්ම, ගලේවෙල, ඉහළ දිග්ගල ප්‍රාථමික විද්‍යාල පරිශ්‍රයේ 2022 පෙබරවාරි මස ඉදිකිරීම් ආරම්භ කරන ලද ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය අද (2022 ජුනි 03) විවෘත කර ජනතා අයිතියට පත් කරන ලද අතර, එමඟින් ඉහළ දිග්ගල ප්‍රාථමික විද්‍යාලයේ පාසැල් ළමුන්ගේ මෙන්ම ප්‍රදේශයේ පවුල් 300 ක ගේ පමණ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.