පකිස්තානු නාවික සංග්‍රාමික විද්‍යාලයේ නියෝජිතයන් පිරිසක් නාවික හමුදා මුලස්ථානයේ සංචාරයක
පකිස්තානු නාවික සංග්‍රාමික විද්‍යාලයේ මාණ්ඩලික පාඨමාලාව හදාරන ශිෂ්‍ය නිලධාරීන්ගෙන් සහ අධ්‍යන කාර්යමණ්ඩල සාමාජිකයින්ගෙන් සමන්විත නියෝජිතයින් පිරිසක් අද (2022 මාර්තු 02) නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත විය.
පකිස්තානයේ ලාහෝර්හි පිහිටි නාවික සංග්‍රාමික විද්‍යාලයේ 51 වන මාණ්ඩලික පාඨමාලාවට අයත් ශිෂ්‍ය නිලධාරීන් ඇතුළු අධ්‍යන කාර්යමණ්ඩල සාමාජිකයින් 21 දෙනෙකුගෙන් සමන්විත මෙම නියෝජිත මණ්ඩලයේ ප්‍රධානි ලෙස කොමදෝරු සහීඩ් අහමඩ් ඔවෙයිස් හේයිඩර් සෙයිඩ් (Commodore Syed Ahmed Ovais Hyder Zaidi) කටයුතු කරනු ලබයි.
මෙම මාණ්ඩලික පාඨමාලාවේ විදේශ අධ්‍යාපන චාරිකා අංගය යටතේ ශ්‍රී ලංකාවට පැමිණි මෙම නියෝජිත පිරිසෙහි ප්‍රධානී, කොමදෝරු සහීඩ් අහමඩ් ඔවෙයිස් හේයිඩර් සෙයිඩ් (Commodore Syed Ahmed Ovais Hyder Zaidi) සහ ශ්‍රී ලංකාවේ පකිස්තානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කර්නල් මුහම්මද් ශෆ්ධාර් කාන් (Muhammad Safdar Khan) නාවික හමුදාධිපති හමුවීමෙන් අනතුරුව නාවික සංග්‍රාමික විද්‍යාලයේ 51 වන මාණ්ඩලික පාඨමාලාවට අයත් ශිෂ්‍ය නිලධාරීන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ කාර්ය හා කර්තව්‍ය සම්බන්ධයෙන් සිදු කෙරුණු දේශනයක් සඳහා ද සහභාගි විය. තවද, මෙම අවස්ථාව සනිටුහන් කරමින් නාවික හමුදාධිපති සහ පකිස්තානු නියෝජිත මණ්ඩල ප්‍රධානී අතර සමරු තිලිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.
මෙම නියෝජිතයින් පිරිස දිවයිනේ රැදි සිටින කාලය තුල විවිධ වැඩසටහන් සඳහා සහභාගී වන අතර, ශ්‍රී ලංකාවේ ඓතිහාසික ස්ථාන කිහිපයක මෙන්ම නාවික හමුදාවට අයත් විශේෂ වැදගත්කමක් ඇති ස්ථානයක් වන නාවික තඨාකාංගන පරිශ්‍රයේ පිහිටි නාවික කෞතුකාගාරයෙහි නිරික්ෂණ චාරිකා වාරයක නිරත විමටමටද නියමිතය.
පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සංවිධානය කෙරුණු මෙම අවස්ථාව සඳහා නාවික හමුදා අධ්යක්ෂ මෙහෙයුම් රියර් අද්මිරාල් ප්‍රසන්න මහවිතාන සහ අධ්‍යක්ෂක ජෙනරාල් පුහුණු රියර් අද්මිරාල් ධම්මික කුමාර ඇතුළු නාවික හමුදා මූලස්ථානයේ ජ්‍යේෂ්ඨ නිලධාරින් පිරිසක් සහභාගි වී සිටියහ.