නැගෙනහිර නාවික විධානය මඟින් සේරුවාවිල මංගල රජමහා විහාරයේදී කංචුක පූජාවක් පවත්වයි
නැගෙනහිර නාවික විධානයේ නාවික පුද්ගලයන්ට ආශිර්වාද පතා සංවිධානය කරන ලද කංචුක පූජා පිංකමක් 2022 පෙබරවාරි මස 05 වන දින සේරුවාවිල ඓතිහාසික මංගල රජමහා විහාරයේදී පැවැත්විණි.
සේරුවාවිල ඓතිහාසික මංගල රජමහා විහාරයේ විහාරාධිපති අලදෙණියේ පඤ්ඤාදේව නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි, නැගෙනහිර නාවික විධානයේ නාවික පුද්ගලයන්ට ආශිර්වාද පතා පවත්වන ලද මෙම කංචුක පූජා පිංකම, වැඩමවා වදාල ගරුතර මහා සංඝරත්නයේ බෞද්ධාගමික වත්පිළිවෙත් සහ සූත්‍ර දේශනා මධ්‍යයේ පවත්වන ලදී.
පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සංවිධානය කරන ලද මෙම පුණ්‍ය කටයුත්ත සඳහා නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සංජීව ඩයස් ඇතුළු එම විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් සහභාගී වී සිටින ලදී.