Decompression Sickness නැමති රෝගී තත්වයෙන් පීඩාවට පත්ව සිටි විදෙස් ජාතික රෝගියෙකු වෙත නාවික හමුදාවෙන් ප්‍රතිකාර
නාවික හමුදාව විසින් Decompression Sickness නැමති රෝගී තත්වයෙන් පීඩාවට පත්ව සිටි විදේශීය ජාතික කාන්තාවක් හට ත්‍රිකුණාමලය, කිමිදුම් හා ගැලවීමේ ඒකකය මඟින් ලබා දුන් සාර්ථක ප්‍රතිකාරයන්ගෙන් පසුව එම රෝගී කාන්තාව සුවය ලබා 2022 ජනවාරි මස 29 වන දින පිටව යන ලදි.
ගාල්ල හික්කඩුව මුහුදු තීරයේ, කිමිදුම් කටයුතුවල නිරතවීමෙන් පසු Decompression Sickness නැමති රෝගී තත්වයට ලක්වූ වයස අවුරුදු 23 ක් වන ජර්මානු ජාතික සංචාරක කිමිදුම් කාරියක වන මෙම කාන්තාව පසුගිය 2022 ජනවාරි මස 28 වන දින ත්‍රිකුණාමලය නාවික හමුදා රෝහල වෙත ඇතුළත් කරන ලදී. පසුව එම රෝගී කාන්නාව නැගෙනහිර නාවික විධානයෙහි කිමිදුම් වෛද්‍ය නිලධාරියාගේ අධීක්ෂණය යටතේ ප්‍රතිකාර සඳහා නැගෙනහිර නාවික විධනයේ, කිමිදුම් හා ගැලවීමේ ඒකකයේ ස්ථාපිත නැවත සම්පීඩන කුටීරය වෙත යොමුකරන ලද අතර, පැය 05 කට ආසන්න කාලයක් වෛද්‍ය අධීක්ෂණය යටතේ නැවත සම්පීඩන කුටීරය තුළ අවශ්‍ය ප්‍රතිකාර ලැබීමෙන් පසු එම රෝගී කාන්තාව සුවය ලබා මෙලෙස පිටව යන ලදි.
තවද, 2021 ජනවාරි මාසයේ සිට මේ දක්වා නැගෙනහිර නාවික විධාන කිමිදුම් හා ගැලවීමේ ඒකකයේ ස්ථාපිත සම්පීඩන කුටීරය තුළ Decompression Sickness නැමති රෝගි තත්වයෙන් පීඩා විඳි පුද්ගලයින් සිව් දෙනෙකු (04) වෙත සාර්ථකව ප්‍රතිකාර ලබා දිමට කටයුතු කර ඇත.