යුක්ක්‍රේන ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි
යුක්ක්‍රේන ආරක්ෂක උපදේශක කර්නල් වොලොඩයිමර් බකායි (Volodymyr Bakai) අද (2021 නොවැම්බර් 16) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය.
කර්නල් වොලොඩයිමර් බකායි, ඉන්දියාවේ නවදිල්ලීයේ පිහිටි යුක්ක්‍රේන තානාපති කාර්යාලයට අනුයුක්තව ශ්‍රී ලංකාවේ යුක්ක්‍රේන ආරක්ෂක, නාවික හා ගුවන් උපදේශක ලෙසද කටයුතු කරනු ලබන අතර, මෙම නිල හමුවේදී නාවික හමුදාධිපති සහ යුක්ක්‍රේන ආරක්ෂක උපදේශක අතර, ද්වීපාර්ශික වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සුහඳ පිළිසඳරක් පැවැත්විණි.
තවද. මෙම අවස්ථාව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර, සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.