කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය සඳහා සිදුකරණු ලබන එන්නත්කරණ වැඩසටහන යටතේ බස්නාහිර පළාතේ වෙසෙන වයස අවුරුදු 30ට වැඩි ජනතාව සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව අද දිනය තුලදි (2021 ජූලි 06) කොළඹ චෛත්‍ය පාරේ පිහිටි ප්‍රදීපාගාර පරිශ්‍රයේදී, රාගම ඇලපිටිවෙල චන්ද්‍රවංශ විද්‍යාලයේදී සහ උස්වැටකෙයියාව ශාන්ත මරියා මහා විද්‍යාලයේදී “සයිනොෆාම්” (Sinopharm) එන්නත ලබාදීම සිදු කෙරිණි.