ශ්‍රී ලංකා නාවික හමුදාවේ තවත් සමාජ සත්කාරයක් ලෙස නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් සහ ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචි වෛද්‍ය මිරාන් සල්ගාදු මහතාගේ මූල්‍ය දායකත්වයෙන් හංවැල්ල, නිරිපොල රෝමානු කතෝලික ප්‍රාථමික විද්‍යාලයේ ඉදිකරන ලද ළමා ක්‍රීඩා පිටිය සහ අළුත්වැඩියා කරන ලද අනෙකුත් ස්ථාන විවෘත කර සිසු අයිතියට පත් කිරීම 2021 මාර්තු 29 වන දින සිදු කෙරිණි.

">

හංවැල්ල, නිරිපොල රෝමානු කතෝලික ප්‍රාථමික විද්‍යාලයේ අළුත්වැඩියා කිරීම් සඳහා නාවික හමුදා දායකත්වය

ශ්‍රී ලංකා නාවික හමුදාවේ තවත් සමාජ සත්කාරයක් ලෙස නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් සහ ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචි වෛද්‍ය මිරාන් සල්ගාදු මහතාගේ මූල්‍ය දායකත්වයෙන් හංවැල්ල, නිරිපොල රෝමානු කතෝලික ප්‍රාථමික විද්‍යාලයේ ඉදිකරන ලද ළමා ක්‍රීඩා පිටිය සහ අළුත්වැඩියා කරන ලද අනෙකුත් ස්ථාන විවෘත කර සිසු අයිතියට පත් කිරීම 2021 මාර්තු 29 වන දින සිදු කෙරිණි.

නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් ඉදිකරන ලද ළමා ක්‍රීඩා පිටිය සහ කඩිනමින් වැඩ අවසන් කරන ලද ජලනල පද්ධතිය, ප්‍රථමාධාර කාමරය ඇතුළු අනෙකුත් ස්ථාන සිසු අයිතියට පත් කිරීම නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් මෙරිල් සුදර්ශන සහ වෛද්‍ය මිරාන් සල්ගාදු මහතා නියෝජනය කරමින් ඔහුගේ ඥාතියෙකු වන රංජිත් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදි. මෙමගින් එම පාසලේ සිසු දරුවන් හට ඉතා අත්‍යවශ්‍යව පැවති ප්‍රධාන අවශ්‍යතාවයන් කිහිපයක් සපුරාලීමට හැකියාව ලැබිණි.

පවත්නා කොවිඩ් 19 වසංගත තත්වය හමුවේ ලබා දී ඇති සෞඛ්‍ය උපදෙස් හා ක්‍රමවේද අනුගමනය කරමින් සංවිධානය කරන ලද මෙම විවෘත කිරීමේ අවස්ථාව සඳහා, නිරිපොල ළමා නිවාසයේ ප්‍රධාන පාලිකා ගරු මේරි සිසිලියා කන්‍යා සොහොයුරිය, සීතාවක පලාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂ ශිරානි දිසානායක මහත්මිය, එම විද්‍යාලයේ විදුහල්පතිනි ජේඒඒකේ ජයසූරිය මහත්මිය ඇතුළු ගුරුභවතුන් සහ මෙම ඉදිකිරීම් සඳහා සම්බන්ධ වූ නාවික පුද්ගලයින් පිරිසක් ද සහභාගී වී සිටියහ.