කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයෙක් රෝහලින් පිටව යයි - සුව වූ මුළු ගණන 899ක්.
කොවිඩ් - 19 වෛරසය ආසාදනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයෙක් වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 ජුලි 14 වන දින එම රෝහල වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.
මෙම නාවික පුද්ගලයින් කොවිඩ් - 19 වෛරසය ආසාධනය වීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා ඉරනතිව් රෝහල වෙත යොමු කර ඇති අතර, ඒ අනුව එම රෝහල තුල ප්‍රතිකාර ලබමින් සිටියදී වරින් වර සිදු කල පීසීආර් පරීක්ෂණයන්හි ප්‍රථිඵල අනුව අදාල වෛරසය තවදුරටත් එම නාවිකයාගේ සිරුර තුල නොමැති බව තහවුරු වීම නිසා මෙලෙස 2020 ජූලි 14 වන දින එම රෝහලින් මුදා හැරීමට කටයුතු කර ඇත.
මෙම නාවික හමුදා පුද්ගලයාද ඇතුළුව මේ වන විට වෛරසය ආසාධනය වී රෝහල් ගත කල සමස්ථ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාවෙන් නාවික හමුදා පුද්ගලයින් 899 ක් සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් ඇති අතර, මෙම සියළුම නාවික පුද්ගලයින් සෞඛ්‍ය උපදෙස් මත තවදුරටත් දින 14ක නිරෝධායන ක්‍රියාවලියක් සඳහා යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කරන ලදි.