කේරළ ගංජා සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහය
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 ජුනි 16 වන දින ඕමන්තේ, නොච්චිමුඩේයි ප්‍රදේශයේ සිදු කරන ලද ඒකාබද්ධ මෙහෙයුමකින් කේරළ ගංජා කිලෝ 6.4 ක් සමග සැකකරුවෙක් අත් අඩංගුවට ගන්නා ලදි.
ශ්‍රී ලංකා නාවික හමුදාව මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ ජාතික කර්තව්‍යට සෘජු දායකත්වය ලබා දීමට නිරන්තරයෙන් කටයුතු කරනු ලබන අතර, එහි තවත් එක් මෙහෙයුමක් උතුරු මැද නාවික විධානයේ නාවික පුද්ගලයින් පිරිසක් සෙට්ටිකුලම් පොලිස් විශේෂ කාර්ය බලකාය සමග එක්ව ඕමන්තේ, නොච්චිමුඩේ ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් 2020 ජුනි 16 වන දින සිදු කරන ලදි. එහිදී සැකකටයුතු පුද්ගලයෙක් නිරීක්ෂණය කර ඇති අතර, ඔහු සතුව තිබි විකිණිමට සුදානම් කර තිබූ කේරළ ගංජා කිලෝ 6.4 ක ප්‍රමාණයක් සොයාගන්නා ලදි. ඒ අනුව සැකකරු සමග කේරළ ගංජා ප්‍රමාණය අත්අඩංගුවට ගත් අතර, සැකකරු වයස අවුරුදු 29 ක් වන ඕමන්තේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට තහවුරු කරගෙන ඇත.
අත්අඩංගුවට ගත් පුද්ගලයා, කේරළ ගංජා ප්‍රමාණය ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා ඕමන්තේ, පොලිසිය වෙත භාරදීමට කටයුතු කෙරුණි.