ජාත්‍යන්තර සිංහ සමාජය හා ස්වාධීන රූපවාහිණී මාධ්‍ය ජාලය එක්ව නාවික හමුදාවේ කොරෝනා මැඩලීමේ මෙහෙයුම් සඳහා අවශ්‍ය මුහුණු ආවරණ සහ සෞඛ්‍යාරක්‍ෂිත ඇදුම් කට්ටල තොගයක් පරිත්‍යාග කෙරේ.

නාවික හමුදාව විසින් කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා සිදුකරනු ලබන වැඩසටහන් වෙනුවෙන් අවශ්‍ය සෞඛ්‍යාරක්‍ෂිත මුහුණු ආවරණ සහ ඇදුම් කට්ටල තොගයක් ජාත්‍යන්තර සිංහ සමාජය හා ස්වාධීන රූපවාහිණී මාධ්‍ය ජාලය එක්ව නාවික හමුදාව වෙත ලබා දීම අද (2020 මැයි 13) නාවික හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී සිදු කරන ලදි.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වාගේ උපදෙස් මත කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා නාවික හමුදාව විසින් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරමින් සිටින අතර ඒ සඳහා විවිධ ආයතනයන් වෙතින් ද්‍රව්‍යමය අනුග්‍රහයන් ලැබෙමින් පවතී, ඒ අනුව අද (2020 මැයි 13) ජාත්‍යන්තර සිංහ සමාජය හා ස්වාධීන රූපවාහිණී සේවය එක්ව නාවික හමුදාව වෙත මුහුණු ආවරණ තොගයක් සහ ආරක්‍ෂිත ඇදුම් කට්ටල තොගයක් ලබා දීම සිදු කරන ලදි. මෙම අවස්ථාව සඳහා ජාත්‍යන්තර සිංහ සමාජය නියෝජනය කරමින් අර්ජුන අබේසිංහ සහ පද්මසිරි රණවකආරච්චි යන මහත්වරුන් සහ ස්වාධීන රූපවාහිණී මාධ්‍ය ජාලයේ සභාපති සුදත් රෝහණ මහතා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වැඩසටහන් සරත් කුමාර පෙරේරා මහතා, නාලිකා ප්‍රවර්ධන කළමණාකරු ගීතික විතාරණ මහතා ඇතුළු කාර්ය මණ්ඩලයේ පිරිසක් පැමිණ සිටින ලදි.

නාවික හමුදාධිපති විසින් එම විෂයන් භාර ගන්නා ලද අතර, මෙම පරිත්‍යාගය නාවික හමුදාව වෙත ලබා දීම සම්බන්ධයෙන් නාවික හමුදාධිපති විසින් ජාත්‍යන්තර සිංහ සමාජය හා ස්වාධීන රූපවාහිණී සේවය වෙත සිය කෘතවේදීත්වය පලකර සිටින ලදි.‍