තවත් නාවික හමුදා පුද්ගලයින් දෙදෙනෙකු (02) අයිඩීඑච් රෝහලින් පිටව යයි.
කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රථිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් දෙදෙනෙකු (02) සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් වෛරසය ශරීර තුල නොමැති බවට තහවුරු කර ගැනීමෙන් පසු අද (2020 මැයි 07) රෝහලින් මුදා හැරීමට කටයුතු කර ඇත.
මෙම නාවික පුද්ගලයින් දෙදෙනාම (02) වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කල නාවිකයින් වන අතර, ඔවුන් කොවිඩ් - 19 වෛරසය ආසාධනය වීම හේතුවන් ප්‍රතිකාර සඳහා අයිඩීඑච් රෝහල වෙත ඇතුලත් කරන ලදි. ඒ අනුව එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අතරතුර වරින්වර සිදු කල පීසීආර් පරීක්‍ෂණයන්හි ප්‍රථිඵල අනුව අදාල වෛරසය තවදුරටත් එම නාවිකයින්ගේ සිරුරු තුල නොමැති බව තහවුරු වීම නිසා මෙලෙස රෝහලින් මුදා හැරීමට කටයුතු කර ඇත.
මේ අනුව මේ වන විට මෙම පුද්ගලයින් දෙදෙනාද (02) ඇතුළුව වෛරසය ආසාධනය වී රෝහල් ගත කල නාවික හමුදා සාමාජිකයින් 14 දෙනෙකු රෝහල් වලින් පිටත්ව ගොස් ඇති අතර, රෝහල් වෙතින් පිටත්ව ගියද මෙම නාවික පුද්ගලයින් සෞඛ්‍ය උපදෙස් මත තවත් දින 14ක නිරෝධායන ක්‍රියාවලියක් සඳහා යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කරන ලදි.