හෙරොයින් සමඟ සැකකරුවෙක් නාවික හමුදා සහයෙන් නීතියේ රැහැනට
නාවික හමුදාව සහ ගාල්ල, දිසා දූෂණ මර්ධන ඒකකය එක්ව 2020 මැයි 02 වන දින ගාල්ල, තලාපිටිය ප්‍රදේශයේදී හෙරොයින් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදි.
නීති විරෝධී මත්ද්‍රව්‍ය ව්‍යසනය මෙරටින් තුරන් කිරීමේ අරමුණින් යුතුව කටයුතු කරනු ලබන ශ්‍රී ලංකා නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් ජාවාරම්කරුවන් විශාල පිරිසක් නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කරන ලදි. 2020 මැයි 02 වන දින දකුණු නාවික විධානයේ නාවික පුද්ගලයින් පිරිසක් විසින්, ගාල්ල, දිසා දූෂණ මර්ධන ඒකකය හා එක්ව ක්‍රියාත්මක කල තවත් එක් මෙහෙයුමක් ගාල්ල, තලාපිටිය ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කරන ලද අතර, එහිදී සැක කටයුතු පුද්ගලයෙකු නිරීක්ෂණය කර පරීක්ෂාවට ලක් කිරීමේදී ඔහු සතුව තිබී හෙරොයින් මිලිග්‍රෑම් 1760 ක පමණ ප්‍රමාණයක් සොයාගෙන ඇති අතර, ඒ අනුව එම පුද්ගලයා අත්අඩංගුවට ගන්නා ලදි.
අත්අඩංගුවට පත් සැකකරු එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙකු බව හඳුනාගන්නා ලද අතර, එම සැකකරු සහ හෙරොයින් ප්‍රමාණය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු සඳහා ගාල්ල පොලිසිය වෙත භාරදීමට කටයුතු කරන ලදි.